.webp)
COLOMBO (News 1st) – ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව, කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම මත එම පියවර ගන්නා බවයි.
එම කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබූ ස්ථානයක පිපිරීමක් සමග ගින්න හටගෙන ඇතැයිද මධ්‍යම පරිසර අධිකාරි සඳහන් කළේ ය.