.webp)
දේශීය පුවත්
1.ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මධ්‍යම රජය සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීමට නව යාන්ත්‍රණයක් සකස් කරනවා – ජනපති – ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2.දික්වැල්ලේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට.. – දික්වැල්ල, රදම්පොල බෝදල කන්ද ප්‍රදේශයේ පොල්වත්තක දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
3.කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 18ක ජල කප්පාදුවක් – කොළඹ ප්‍රදේශ රැසකට අද (19) පෙරවරු 8.00 සිට පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
4.ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළට..- ලංවිම- ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළ ගොස් තිබේ.
5.ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමේ තීරණයක්..- අධ්‍යාපන අමාත්‍යාංශය – ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.