.webp)

COLOMBO (News 1st) – වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට තම කණ්ඩායම් හානිවූ කුඹුරු ඉඩම්වල මූලික පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.
විනාශ වූ බව පවසා කුඹුරුවලට ගිනි තැබූ කිසිදු පුද්ගලයෙකුට රක්ෂණ වන්දි ලබා නොදෙන බවද පණ්ඩුක වීරසිංහ මහතා කියා සිටියේ ය.
වියළි කාලගුණයෙන් හානියට පත් වී ඇතුළු බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ ය.
