දික්වැල්ලේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට..

දික්වැල්ලේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට..

by Staff writer 18-08-2023 | 4:39 PM

COLOMBO (News 1st) - දික්වැල්ල, රදම්පොල බෝදල කන්ද ප්‍රදේශයේ පොල්වත්තක දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් අනුව සැකකරු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් පලා ගොස් ඇති කමාන්ඩෝ සෙබළෙක් බවයි.

වෙඩි තැබීමට යොදා ගත් ටී 56 ගිනි අවිය පොලිස් විශේෂකාර්ය බලකාය විසින් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔහු එම ස්ථානයට අවිය රැගෙන විත් වෙඩි තබන්නට ඇතැයි පොලීසිය විසින් සැක පළ කර ඇත.

එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි සංජීව පුෂ්පකුමාර නැමැති වයස අවුරුදු 43 ක් වූ එක්දරු පියෙකි.