.webp)

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් මැතිවරණ කොමිසමට කැඳ වූ බවයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සමග පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි.
ඉදිරියේදී පැවැත්විය හැකි මැතිවරණවලදී කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් සහ කොමිසමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ ය.
