.webp)

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ, එම ජල සම්පාදන ක්‍රමවල ජලය ලබා දීම සිදු කරනු ලබන්නේ මුර ක්‍රමය යටතේ බවය.
කුරුණෑගල, හම්බන්තොට, අම්පාර, මොණරාගල, බණ්ඩාරවෙල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම බලපෑම ඇති වී ඇත.
තවත් ජල සම්පාදන ක්‍රම 41ක ජල මට්ටම පහළ යමින් හා ජල මූලාශ්‍රවල ගලා එන ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය.
ඒ හේතුවෙන් ජල සම්පාදන ක්‍රමවල අඛණ්ඩ ජල සැපයුම ලබා ගැනීම සඳහා උපාය මාර්ග ගනිමින් සිටින බව සඳහන් වේ.
ගෘහ නොවන කටයුතු සඳහා ජලය භාවිත නොකර ගෘහස්ථ කටයුතු සඳහා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.
