.webp)
COLOMBO (News1st) - යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇතැයි, තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමග උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් එම කටයුතු ක්‍රියාත්මක බවයි.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කරමින් එම ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවද, අමාත්‍යවරයා පැවසුවේ ය.
රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවේ, පාසල් සහ ප්‍රාදේශීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.
රෝහණ දිසානායක මහතා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට මෙතෙක් නැගුණ චෝදනාව අවසන් කරමින්, ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන බවයි.
නව ජාතික ක්‍රීඩා සභාව අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත බවත් මෙරට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට එය ඉවහල් වනු ඇති බවත් , ඔහු සඳහන් කළේ ය.