අස්වැසුම විරෝධතා සලකා බැලීම අනිද්දා සිට

අස්වැසුම විරෝධතා සලකා බැලීම අනිද්දා සිට

by Staff writer 12-08-2023 | 3:52 PM

COLOMBO (News 1st) - අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අනිද්දා (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවය.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000කි.

එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතය.

මේ අතර ගැටලු නිරාකරණය වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදු කෙරෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.