.webp)
COLOMBO (News 1st) – යුද සමයේ LTTE විසින් වළ දමා දමා ඇති බවට සැකකරන රත්රං මුදල් හා ආයුධ සෙවූ බව කියන සැකකරුවන් 4 දෙනෙකු කිලිනොච්චිය කණකපුරම් ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් ය.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, විදේශීය රටක නිෂ්පාදිත ස්කෑනර් යන්ත්රයක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
අවුරුදු 30 ත් 58 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මාදම්පේ , මහනුවර, නාත්තන්ඩිය හා මිද්දෙණිය ප්රදේශවල පදිංචිකරුවන් ය.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කිලිනොච්චිය පොලිසියට භාරදී තිබේ.