යුක්‍රේන හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

by Staff writer 07-08-2023 | 6:32 AM

COLOMBO (News 1st) - බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක් රැයක් තුළ රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ එල්ල කර ඇති බවයි.

කෙසේ නමුත් එල්ල කළ මිසයිල ප්‍රහාර 30ක් පමණ බිම හෙලු බව යුක්‍රේනය පැවසීය.

ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර රුසියාව යුක්‍රේනයේ හාර්කිව්හි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කළේ ය.

ඉන් දෙදෙනෙකුට දිවි අහිමිව තුන් දෙනෙකු තුවාල ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.