.webp)
COLOMBO (News 1st) – සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කළ බවයි.
එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වගාවට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට සති දෙකක් සපිරෙයි.
ගොවීන් අවධාරණය කරන්නේ, වගාවට ජලය නිකුත් කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.