රජයේ රෝහල්වල CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

by Staff writer 04-08-2023 | 8:15 AM

COLOMBO (News 1st) - විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ ද අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400 ක පමණ හිඟයක් පවතින බවයි.

දැනට අක්‍රීය වී ඇති CT, PET හා MRI ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා කළ ද එහි සේවා සිදු කිරීමට කාර්ය මණ්ඩලය නොමැති තත්ත්වයක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අනුමැතිය ලද වහා බඳවා ගැනීම් සිදුකරන බව ඔහු පැවසීය.