නාඳුනන මළ සිරුරු 02ක්..

මන්නාරම හා හබරණින් නාඳුනන මළ සිරුරු 02ක්..

by Staff writer 03-08-2023 | 12:14 PM

COLOMBO (News 1st) - මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසළ මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව එය සොයාගත් බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 35 ත් 45 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක්.

මේ අතර හබරණ සති පොළ අසළ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇත.

අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ පසුවන අදාළ පුද්ගලයාගේ මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.