විද්‍යුත් බස් රථ ආනයනයට අනුමැතිය....

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

by Staff writer 31-07-2023 | 6:50 AM

COLOMBO (News 1st) – විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ එම බස් රථ ආනයනය කෙරෙන බවයි.

විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50 ක් ආනයනය කරන බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය.