පකිස්තානයේ බෝම්බ පිපිරීම: 44ක් මරුට..

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට...

by Staff writer 31-07-2023 | 6:36 AM

COLOMBO (News 1st) – වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 
 
තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට අධික වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජමියට් උලමා-ඊ-ඉස්ලාම්  පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත.

ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි,වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, එරට බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.