.webp)
COLOMBO (News 1st) – වලව කලාපයේ ගොවීන්ට ජලය නිකුත් කිරීමට ඇති එකම විකල්පය ගිං නිල්වලා ව්‍යාපෘති ක්‍රමය බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
වාරිමාර්ග අමත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ, පවතින ගැටලුව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලට දැනුම් දෙන බවයි.
වාරිමාර්ග අමාත්‍යවරයා පැවසුවේ, යම් කිසි අයුරින් වගා හානියක් සිදුවහොත් වන්දි ලබාදීමට හෝ අවදානය යොමුවී ඇති බවයි.
පීදෙමින් තිබෙන ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 8කි.
ගොවීන් පෙන්වා දෙන්නේ, ජලය ලබා දීම තවදුරටත් ප්‍රමාද කළහොත් බලපෑමට ලක්වන වී වගා බිම් ප්‍රමාණය අක්කර 65000 ක් පමණ වන බවයි.
මේ අතර , උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත්, දකුණු පළාතට පැය 3ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ය.
සිය වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්නැයි ඉල්ලා මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා එම සැකච්ඡාව කැඳවා තිබුණි.
එහිදී සමනලවැවේ සිට උඩවලව ජලාශයට දින 10 කට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා, කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කළේ ය.
එසේ වුවහොත් පවතින ජල මට්ටම තවත් පහළ යාම හේතුවෙන් දකුණු පළාතට පැයක සිට පැය තුනක් දක්වා විදුලි කප්පාදුවක්
කිරීමට සිදුවන බව, විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි.
පවතින ජල ගැටලුව හේතුවෙන් ඉදිරි සතිය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක සහ විදුලිබල නිෂ්පාදනය අඩාලවීමෙන් රුපියල් බිලියන 1.6ක අලාභයක් සිදුවිය හැකි බවට ගණන් බලා තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, සමස්තයක් ලෙස රුපියල් බිලියන 30 ක පමණ පාඩුවක් ඉන් සිදුවිය හැකි බවයි.
ඒ හේතුවෙන් මෙම වසරේ සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර වලව ගොවීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ද, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, වගාව සඳහා ප්‍රමාණවත් ජලය නොමැතිවීමෙන් ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශව දැනුවත් කිරීමට තමා කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේ ය