.webp)
ගුවන් යානය ඇතන්ස්හි නැගෙනහිර එවියා දූපතට කඩා වැටීමෙන් අදාළ අනතුර සිදුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
එලෙස මියගොස් ඇත්තේ, ගුවන් යානයේ නියමුවන් දෙදෙනායි.
ග්‍රීසියේ බලධාරීන් සඳහන් කළේ, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
ගුවන් යානය අනතුරට පත් වන ආකාරය කැමරා රූප රාමුවල සටහන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සතියක් පුරා ග්‍රීසියේ දූපත් රැසක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 34කි.
20, 000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.