සිරුරේ අල්පෙතිනි සහිතව ආ කාන්තාව ගැන නිවේදනයක්..

සෞදි ගොස් සිරුරේ අල්පෙතිනි සහිතව දිවයිනට පැමිණි කාන්තාව සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමට පියවර..- විදේශ සේවා නියුක්ති කාර්යාංශය

by Staff writer 22-07-2023 | 6:24 AM

COLOMBO (News 1st) –  සෞදියේ රැකියා සඳහා ගොස් සිරුර අභ්‍යන්තරයේ අල්පෙතිනි සහිතව දිවයිනට පැමිණි කාන්තාව සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, ඇය ශල්‍යකර්මයට ලක්කර අල්පෙනිති 2ක් ශරීරයෙන් ඉවතට ගත් නුවරඑළිය රෝහලෙන් එම විද්‍යාත්මක සාක්ෂි ඉල්ලුම් කර ඇති බවයි.

ඇයගේ ශරීරයෙන් අල්පෙනෙති 5 ක් සොයා ගෙන තිබුණි.

නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා සඳහන් කලේ ශල්‍යකර්මයකින් පසු අල්පෙනෙති දෙකක් ශරීරයෙන් ඉවතට ගත් නමුත්, තවත් අල්පෙනෙති තුනක් ඇගේ ශරීර අභ්‍යන්තරයේ ඇති බවයි.

ලිඳුල ප්‍රදේශයේ පදිංචි වීරන් සිවරංජනී නැමැති අදාළ කාන්තාව පසුගිය ජුනි මාසයේ 14 වැනිදා පිටකොටුව විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් ගෘහ සේවය සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබුණි.

එහිදී විවිධ වදහිංසාවලට ලක්වූ ඇය පසුගිය 12 වැනදා යළි දිවයිනට පැමිණියා ය.