.webp)
COLOMBO (News 1st) – රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයට දින නියම කර තිබේ.
ඒ අනුව නඩුව ලබන වසරේ මැයි 20 වැනිදා ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේදී නඩුව විභාගයට ගනු ඇති.
ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ද තරඟ කිරිමට ඉදිරිපත්වී සිටී.
නමුත් ඊට පෙර ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත් විය යුතුයි.
එම කාල සීමාව වඩාත් කාර්යබහුල වනු ඇති බැවින් තමාට අදාල නඩු විභාගයට නොවැම්බර් මාසයෙන් පසු දිනයක් ලබා දෙන්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නැහැ.
රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධි චෝදනා 37ක් ගොනු කිරීමට එරට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.
අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමත් සමග අමෙරිකාවේ වඩාත්ම සංවේදී ආරක්ෂක රහස් කිහිපයක් දැඩි අවදානමට ලක් කළ බවයි.
ඒ අනුව එරට රහස්‍ය න්‍යෂ්ටික ව්‍යපෘති ඇතුළු රහසිගත ලේඛන ඔහු අවභාවිත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබූ ඇතැම් ලේඛන රජයේ නිලධාරීන් සොයාගැනීම වැලක්වීමට ඔහු එම ලේඛන ෆ්ලොරීඩාවේ ඔහුට අයත් නිවාඩු නිකේතනයක සැඟවූ බවද පිටු 49 කින් යුතු මෙම අධි චෝදනා පත්‍රයේ දැක්විණ.
මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 77 හැවිරිදි ට්‍රම්ප්ට වසර 20ක සිර දඩුවම් හිමි විය හැකි බව විදෙස් වාර්තාවල සඳහන් ය.