වෙරළ කලාප 24ක් නව ආයෝජකයින්ට

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් නව ආයෝජකයින්ට ලබා දීමේ සැලැස්මක් - අරුන්දික ප්‍රනාන්දු

by Staff writer 22-07-2023 | 7:32 AM

COLOMBO (News 1st) – මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සංචාරක කලාපයන්ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබා දීමට ද තිරණය කර ඇති බවයි.

තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබා දෙනු දෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. 

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.