ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල බරවා රෝගීන් වාර්තාවීම ඉහළට.

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල බරවා රෝගීන් වාර්තාවීම ඉහළට..

by Staff writer 22-07-2023 | 9:02 AM

COLOMBO (News 1st) – ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි. 

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවේ, වුචිරේරියා බැන්ක්‍රොෆ්ට් හා බෘගියා මලායි යන පරපෝෂිතයින් දෙදෙනාගෙන් බරවා රෝගය ව්‍යාප්ත වන බවයි. 

බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් වාර්තාවී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64 % ක් බව ඇය සඳහන් කළා ය.

සුරතල් සතුන් මාර්ගයෙන් ද බරවා රෝගය රෝගය ව්‍යාප්තවන බව, ඇය සඳහන් කළා ය.