එන්නත් ගත් දරුවන්ටත් සරම්ප වැළඳීමේ අවදානමක්..

එන්නත් ගත් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක්- සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්..

by Staff writer 22-07-2023 | 6:29 AM

COLOMBO (News 1st) –   ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දුන් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ, යම් රෝගී තත්ත්වයක් මත හෝ පෝෂණ ඌණතා මත ප්‍රතිශක්තිකරණය හීන වූ දරුවන්ට ද සරම්ප වැළඳීමේ අවදානම පවතින බවයි.

2019 වසරින් පසු ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස සැලකෙයි.