ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට..

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට..

by Staff writer 22-07-2023 | 6:46 AM

COLOMBO (News 1st) –  ඉන්දියාවේ දෙදින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(21) රාත්‍රියේ දිවයිනට පැමිණියේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රාත්‍රි 11.30 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි.

පෙරේදා පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

ඒ , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. 

එම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරිය සහ අනෙකුත් ප්‍රධාන පෙලේ නායකයින් හමුවී දෙපාර්ශවයට වැදගත් කරුණු පිළිබදව සාකච්ඡා කළේ ය.

ජනාධිපතිවරයා , ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගෞතම් අදානී මහතා ද හමුවී සාකච්ඡා කළේ . 

ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා මහතා හමුවුණේ ඊයේ පස්වරුවේදී ය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙපාර්ශවය ඇතිකර ගන්නා එකඟතාවන් ගැන ඉන්දීය විදේශ ලේකම්වරයා අදහස් පළ කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිදු කළ පළමු ඉන්දීය සංචාරය මෙය වෙයි.