කෙහෙළියට එරෙහි විශ්වාසභංගය

සෞඛ්‍ය ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගය මේ සතියේ කතානායකට - මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

by Staff writer 16-07-2023 | 8:51 AM

COLOMBO (News1st) - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව, සමගි ජන බලවේගය පවසයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහය ලබා ගැනීම සඳහා සාකච්ජා ආරම්භ කරන බවයි.