මීටර් 400 පිරිමි සහය ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව

මීටර් 400 පිරිමි සහය ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට..

by Staff writer 16-07-2023 | 7:00 PM

COLOMBO (News 1st):  ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 පිරිමි සහය ධාවනය ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

ඔවුන් තරගය අවසන් කළේ , මිනිත්තු 3:01.56ක කාලයකින් ය.

ඒ අනුව මෙම ඉසව්වේ තරගාවලි සහ ජාතික වාර්තාව පිහිටුවීමටද  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකු සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.