මිල අඩු කළ බණ්ඩි පොහොර අද සිට ගොවීන්ට..

මිල අඩු කළ බණ්ඩි පොහොර අද සිට ගොවීන්ට..

by Staff writer 15-07-2023 | 6:37 AM

COLOMBO (News 1st) - බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිල අද (15) සිට රුපියල් 1000 කින් අඩුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් අද සිට රුපියල් 14,000 දක්වා අඩු වන බවයි.

මෙම කන්නය ආරම්භ වනවිට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500 කින් අඩු කිරීමට ද රජය පියවර  ගත් බවයි.

ගොවීන්ට අද සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.