දෙමෝදරදී බස් රථයක් පෙරලී 15කට තුවාල..

බදුල්ල - කොළඹ බස් රථයක් දෙමෝදරදී කරණම් ගසයි..

by Staff writer 15-07-2023 | 12:49 PM

COLOMBO (News 1st): හාලිඇල , දෙමෝදරදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. 

පොලිසිය සඳහන් කළේ, බස් රථය බොක්කුවක් අසලදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවයි.

අද(15) පෙරවරුවේ එලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

අප වාර්තාකරු පැවසුවේ බස් රථය අඩි 10ක් පමණ බෑවුමකට පෙරලී ඇති බවයි.

තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.