.webp)
COLOMBO (News 1st): ජාතික වාර්තාව අලුත් කරමින් ශ්රී ලංකාව මෙවර ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ මිටර 400 මිශ්ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.
25වැනි ආසියානු මලල ක්රීඩා ශූරතාවලිය මේ දිනවල තායිලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.
එහි මිටර 400 මිශ්ර සහය ධාවන ඉසව්වෙන් ශ්රී ලංකාව රිදී පදක්කම දිනා ගත්තේ මිනිත්තු 3යි තත්පර 15යි දශම 4යි 1ක කාලයකින් තරගය අවසන් කරමින් ය.
එහිදී අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
අද ලැබූ ජයග්රහණයත් සමගින් මෙම ඉසව්වට පිහිටුවා ඇති ජාතික වාර්තාව අලුත් කිරීමටද ඔවුන් සමත් විය.
මෙතෙක් පැවති තරග අනුව ශ්රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 7වැනි ස්ථානයේ රැඳී සිටී.