.webp)
COLOMBO (News 1st) – ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් දී තිබේ.
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේ, තමන් උගන්වන පන්තියේ සිසුන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය ද දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුකාරවරයා උපදෙස් දුන් බවයි.
පළාතේ දහම් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති තහනම් කෙරිණ.
ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ, මෙම නීති කඩකරන්නේ දැයි සොයා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන ආරම්භ කරන බවයි.