නදීෂාගෙන් හා ගයන්තිකාගෙන් ආසියානු පදක්කම් යුගලක්

නදීෂාගෙන් හා ගයන්තිකාගෙන් ආසියානු පදක්කම් යුගලක්

by Staff writer 12-07-2023 | 4:46 PM

COLOMBO (News 1st) – තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් දිනා ගත්තා ය.

ඒ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින් ය.

මේ අතර, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට හිමි වූවා ය. 

දක්ෂතාව මිනිත්තු 4:14:39 කි.