ඉන්දියාවේ රෝහලක අක්ෂි සැත්කමින් පසු රෝගීන්ට වූ දේ

ඉන්දියාවේ රෝහලක අක්ෂි සැත්කමකින් පසු 18 දෙනෙකුට එක ඇසක පෙනීම අහිමි වෙයි

by Staff writer 12-07-2023 | 8:35 PM

COLOMBO (News 1st) – රාජස්ථානයේ රජයේ රෝහලක සිදුකළ අක්ෂි සැත්කමකින් පසු පුද්ගලයන් 18 දෙනෙකුගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබේ. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ,  රාජස්ථාන් හි විශාලතම රජයේ රෝහල වන සවායි මන් සිං රෝහලේ එම සැත්කම සිදුකර ඇති බවයි.

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු එම පුද්ගලයින්ට ඇස් පෙනීම අහිමිවී ඇතැයි සඳහන් ය.

රොහල් බලධාරීන් පවසා ඇත්තේ ඇස් පෙනීම නැතිවීමට හේතුව ආසාදනයක් බවයි.

කෙසේ වෙතත්, ඇස් පෙනීම අහිමිවු රෝගීන් නැවත ශල්‍යකර්මයකට භාජන කළ ද එම සැත්කම් සාර්ථකවී නොමැත. 

එම ආසාදනය සුව කර නැවත පෙනීම ලබා ගැනීමට උත්සාහ කරන බව රෝහල් වෛද්‍යවරුන් රෝගීන්ට පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා  කළේ ය.