රජයේ ව්‍යාපාර 4ක් ප්‍රතිව්‍යුහගත කිරීමට....

රජයේ ව්‍යාපාර 4ක් ප්‍රතිව්‍යුහගත කිරීමට උපදේශක සමාගම් 3කට කැබිනට් අනුමැතිය

by Staff writer 11-07-2023 | 7:15 PM

COLOMBO (News 1st) – රජයේ ව්‍යාපාර 4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගනුදෙනු උපදේශකයින් ලෙස සමාගම් තුනකට කැබිනට් අනුමැතිය ලැබී  තිබේ. 

ඒ අනුව ලිට්රෝ ගෑස් සහ කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගනුදෙනු උපදේශක සමාගම ලෙස තෝරාගෙන ඇත්තේ ඩිලොයිට් ඉන්දියා සමාගමයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහා අල්වරෙස් ඇන්ඩ් මාෂල් සමාගම තෝරාගෙන තිබේ. 

හොටෙල් ඩිවලොපර්ස් සමාගම වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ, කොලියර්ස් සිංගප්පූර් සමාගමයි.


මේ අතර, සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සකස් කිරිම සඳහා, කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 

එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ක ෙළ්, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසිනි.

කැබිනට් තිරණවල සඳහන් වන්නේ, සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබා නොදීම හේතුවෙන්, මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කිරිමට නියමිතයි.