.webp)
COLOMBO (News 1st) – නිසි පෝෂණ කළමනාකරණයෙන් වී වගාව ආශ්‍රිතව පැතිර යන ධාන්‍ය අවපැහැ වීමේ රෝගය පාලනය කිරීමේ හැකියාව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එහි සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ පර්යේෂණ රුක්මාලි ගුණපාල මහත්මිය සඳහන් කළේ , ධාන්‍ය බෝල්වීමේ තත්ත්වය කාලගුණ විපර්යාස හමුවේ ක්ෂණිකව පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
දැනට මෙම රෝගය ගම්පහ, කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි ඇය සඳහන් කළා ය.
ඉදිරි කන්න සඳහා අර්ධව දහනය කළ දහයියා යෙදීමෙන් පාංශු පෝෂණය දියුණු කරගත හැකි බව ද ඇය සඳහන් කළා ය.