අස්වැසුමට එරෙහිව විරෝධතා දීම හෙටින් අවසන්

අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කරන්න දුන් කාලය හෙටින් අවසන්

by Staff writer 09-07-2023 | 7:22 AM

COLOMBO (News 1st) - අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය හෙටින් (10) අවසන් වීමට නියමිත වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළව අභියාචනා අට ලක්ෂ තිස්පන්දහසක්  සහ විරෝධතා එකොළොස්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

හෙට පස්වරුවට පෙර සිය අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන්නැයි, අමාත්‍යවරයා දැනුම් දෙයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි වසර සඳහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී  යළි අයදුම්පත් කැඳවීමක් සිදු කරන බවයි.