කාල ගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්...

by Staff writer 04-07-2023 | 9:20 PM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය, තවදුරටත් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බවයි. 

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට, මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද, ඇති විය හැකියි. 

මේ අතර ප්‍රදේශ රැසක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (04) පස්වරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.

එහි දැක්වෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් , උතුරු , වයඹ සහ උතුරු මැද පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් පමණ තද සුළං ඇති විය හැකි බවයි.

හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළං වේගය ද ඉහළ යා හැකි බව, එම නිවේදනයේ සඳහන්. 

නිරිත දිග මෝසම සක්‍රීය වීම, මේ තත්ත්වයට හේතුවී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.