සොරකමේපැමිණි අයෙකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමකින් මරුට

සූරියවැවදී සොරකමේ පැමිණි තරුණයෙක් ප්‍රදේශවාසීන් කළ පහරදීමකින් මරුට..

by Staff writer 02-07-2023 | 4:07 PM

COLOMBO (News 1st) – සූරියවැව, වැවේගම ප්‍රදේශයේ සොරකමේ පැමිණි 27 හැවිරිදි තරුණයෙක් ප්‍රදේශවාසීන් කළ පහරදීමකින් මියගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, සැකකරු අද(02) අලුයම තවත් දෙදෙනෙකු සමග ඉඩමකට ඇතුළු වී වතුර මෝටරයක් සොරකම් කිරීමට උත්සාහ කර ඇති බවයි.

එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් එම තරුණයා අල්ලාගෙන පහර දී තිබේ. 

සූරියවැව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අදාළ සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කෙරිණ. 

පසුව ඔහු මාතර මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මියගිය තරුණයා, සූරියවැව පදිංචි පුද්ගලයෙකි.