.webp)
බුලවායෝහීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගෙන ශ්‍රී ලංකා නායක දසුන් ශානක සත්කාරක දේශයට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංක ඉඩ ලබා දුන්නේ නැහැ.
ඔවුන්ගේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 30කදී ය.
ඉන් අනතුරුව සිකන්දර් රාසා සහ ශෝන් විලියම්ස් අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 68කි.
තරගාවලියේ මේ දක්වා සාර්ථකම පිතිකරුවා වූ ෂෝන් විලියම්ස් ලකුණු 56කට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ ය.
මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් දවා ගත්තේ ය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබවේ කණ්ඩායමට පන්දුවාර 32යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 165ක් පමණි.