ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු මගී ගුවන් සේවා

ඔස්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු මගී ගුවන් සේවා...

by Haindu Gihan 02-07-2023 | 7:54 AM

COLOMBO (News 1st) - ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ලබන ඔක්තෝබර් මාසයේ සිට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කරන බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) පැවැත්වූයේ දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ ද සහභාගිත්වයෙනි.

ඒ අනුව ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිත වේ.

මේ යටතේ ලබන ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලයේ ''ආකියා'' ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙනු ඇත.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට නියමිතයි වේ.