.webp)
COLOMBO (News 1st) – යුරෝපා සංචාරය අවසන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේ ය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවූ ජනාධිපතිවරයා පසුව ප්‍රංශයේ ද සංචාරයක නිරත විය.
එහිදී ගෝලීය සමුළු කිහිපයකට ද සහභාගී වූ ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමග ද සාකච්ඡා පවත්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා සමග ද ජනාධිපතිවරයා සාකච්ඡාවක නිරතව ඇත.