ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි...

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි...

by Staff writer 26-06-2023 | 10:40 AM

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට(26) යෙදී තිබේ. 

මෙවර එහි තේමාව ඔවුන් සියලු දෙනාම මනුෂ්‍යයෝය යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමීක්ෂණවලට අනුව ලොව පුරා අවුරුදු 15 ත්, 64 ත් වයසේ පසුවන පුද්ගලයින් 
මිලියන 284 ක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටී. 

එය පෙර දශකයට සාපේක්ෂව 26% ක වැඩිවීමකි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර සමාජයක් ගොඩනැඟීමේ වැදගත්කම ද ඔහු පැහැදිලි කළේ ය.