ඉන්දීය ධීවරයින් 22ක් ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට

by Staff writer 22-06-2023 | 3:46 PM

COLOMBO (News 1st) –  මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු යාපනය ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

නාවික හමුදාව පැවසුවේ බහුදින ධීවර යාත්‍රා 4 ක් ද එහිදී සිය භාරයට ගත් බවයි.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව විසින් මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.