.webp)
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ,මෝටර් රථයකින් පැමිණි තවත් පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති බවයි.
තුවාල සිදුව ඇත්තේ මිනුවන්ගොඩ, හීනටියන ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් අවුරුදු 33 සහ 43 යන වයස්වල පසුවන්නන් වේ.
වෙඩි තැබීම ටී56 ගිනි අවියකින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.