සජබ එකඟ නොවන දූෂණ විරෝධි පනත

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟ විය නොහැකියි - සමගි ජන බලවේගය

by Haindu Gihan 18-06-2023 | 7:28 AM

COLOMBO (News1st) - දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව, සමගි ජන බලවේගය පවසයි.

ඒ, සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඬුවම් දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙනි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, එවැනි හේතු මත දූෂණ විරෝධි පනත් කෙටුම්පතට සහය දීමට සිය පක්ෂයට හැකියාවක් නොමැති බවයි.

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන 21 වැනිදා  පාර්ලිමෙන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට මේ වන විට තීරණය කර තිබේ.