ලෝක කුසලාන සුදුසුකම් ලැබීම: පළමු ජය සිම්බාබ්වේට

තියුණු සටනකින් පසු 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සිම්බාබ්වේ කණ්ඩායමට..

by Staff writer 18-06-2023 | 9:31 PM

COLOMBO (News 1st) – 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ නේපාල කණ්ඩායමට එරෙහි තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කින් අද ජය ගත්තේ ය.

හරාරේහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාලය කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 290කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44යි පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

මේ අතර , 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාවට එරෙහි තරගය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 39කින් ජය ගත්තේ ය.

හරාරේහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 297කි. 

ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 258ක් පමණි.