අයගම දී පුද්ගල ඝාතනයක්

අයගමදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

by Staff writer 18-06-2023 | 3:00 PM

COLOMBO (News 1st) - අයගම , ගබරගිරිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරතිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා නිවසේ හුදෙකලාව සිටි අවස්ථාවේ ඝාතනය සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 26 ක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.