කැපිටල් මහරාජා සමූහයේ වසරේ හොඳම විධායක නිලධාරී ලෙස චේතනා ලියනගේ සම්මාන ලබයි

by Staff writer 16-06-2023 | 6:35 PM

COLOMBO (News 1st) – කැපිටල් මහරාජා සමූහයේ 43 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේදී,  වසරේ විධායක නිලධාරී ලෙස Maharaja Institute of Managementහි ප්‍රධාන විධායක නිලධාරී චේතනා ලියනගේ මහත්මිය  සම්මානයට පාත්‍ර වූවාය. 


කැපිටල් මහරාජා සමූහයේ 43 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අද (16) පස්වරුවේ ආරම්භ විය. 

උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ, මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතායි.

කැපිටල් මහාරාජ සමූහයේ සභාපති ශෂි රාජමහේන්ද්‍රන් මහතා ප්‍රධාන ආයතයේ ඉහළ කලමනාකාරීත්වය, ප්‍රභුවරුන් ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

මෙම සුවිශේෂ උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නේ කැපිටල් මහරාජා සමූහයේ ආයතන රැසක් හරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවාසීන්ට මාහැගි මෙහෙවරක් ඉටු කරන, අපගේ විධායක නිලධාරීන් ඇගයීම සඳහායි.


සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයට අයත් ආයතනවල විධායක නිලධාරීන් 5 දෙනෙකු මෙවරත් විශේෂ ඇගයීමට ලක්විය.


1 ඒ.එෆ්. ජෝන්ස් සමාගමේ ප්‍රශාන්තක හෙට්ටිආරච්චි
2 හැරිසන් කෙමිකල් සමාගමේ  චමීර සම්පත්
3 නිවුස් ෆස්ට්හි වින්දන ප්‍රසාද් කරුණාරත්න
4 කැනිස් ක්‍රියේෂන් සමාගමේ කොනල් බැක්මියර්
5 ටෆ්ලයින් සමාගමේ චන්න එච්. පෙරේරා යන නිලධාරීහු එලෙස විශේෂ ඇගයීමට ලක්වූහ. 

වසරේ හොඳම විධායක නිලධාරියා තෝරා ගැනීම වෙනුවෙන් ද නිර්දේශිත නාම 8ක් ඉදිරිපත් වී තිබිණ.

1 නිවුස් ෆස්ට්හි රෝෂාන් වටවල
2 සමූහ මූල්‍ය අංශයේ නාලක සෙනෙවිරත්න
3 සමූහ තොරතුරු තාක්ෂණ අංශයේ සමන් පෙරේරා
4 සමූහ මානව සම්පත් අංශයේ රවී ගමගේ
5 ඒ. එෆ්. ජෝන්ස්හි ක්වින්ටන් දිසානායක
6 කෙවිල්ටන් ආයතනයේ නලින් ජවර්ධන
7 Maharaja Institute of Managementහි චේතනා ලියනගේ
8 ටෆ්ලයින්හි වරත්රාජා සන්ත්‍යනන්දන්

ඔවුන් අතරින් වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ Maharaja Institute of Management හි ප්‍රධාන විධායක නිලධාරී චේතනා ලියනගේ මහත්මියයි.