මුල්ලේරියාව දරුවාගේ මරණය: අත්අඩංගුවට ගත් සීයාට ඇප

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මුත්තණුවන්ට ඇප..

by Staff writer 11-06-2023 | 4:14 PM

COLOMBO (News 1st) –  මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගත් දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මුත්තණුවන් ඇපමත මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කරයි. 

අවුරුදු 5 හමාරක් වන අදාළ පිරිමි දරුවාගේ මළ සිරුර මුල්ලේරියාව, හල්බරාව රජයේ ඉඩමක තිබී සොයා ගත්තේ පෙරේදා පස්වරුවේ ය.

නිවසේ තණකොළ කැපීමට පැමිණි පුද්ගලයාගේ යන්ත්‍රයෙන් දරුවාගේ උදරයේ බරපතල කැපුම් තුවාලය සිදුවී ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.