පිරිසිදු පානීය ජල බලාපොරොත්තුවක් හිමිවූ ජනතාව..

පිරිසිදු පානීය ජල බලාපොරොත්තුවක් හිමිවූ කන්තලේ, සීනිපුර ජනතාව

by Staff writer 11-06-2023 | 8:21 PM

COLOMBO (News 1st) - කන්තලේ සීනිපුර ගම්මානයට අද(11) සුවිශේෂී දවසකි.

ඒ වසර ගණනාවක් පැවති උග්‍ර පානීය ජල ගැටලුව නිම කිරීමට ගම්මැද්ද අද මුල පිරීම නිසයි.

පවුල් 135කට අධික පිරිසක් ජීවත් වන මේ ගම්මානයට අපි ගියේ පසුගිය වසරේ ගැම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියෙන් ය.

මේ ගම්මානයේ මෙන්ම ඒ ආශ්‍රිත ගම්මාන රැසක ජලයේ ඇති අධික ලවණතාවය හේතුවෙන් මේ ජනතාවට භූගත ජලය බොන්න බැහැ.

ඒ නිසා මේ ජනතාව බොන්න වතුර හොයන්න දවසකට කිලෝ මීටර් ගණන් යනවා.

මේ දුක දැක්ක ගම්මැද්ද සීනිපුර ගමට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දෙන්න අද මුල පිරුවේ ය.

මේ සඳහා අනුග්‍රය ලබා දුන්නේ Speedmark Transportation Lanka (pvt) Ltd ආයතනයයි.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එච්.එම්. ජයවික්‍රම කන්තලේ ප්‍රාදේශීය ලේකම් එන්.එච්.යූ.කුමාරි, Speedmark transportation lanka පුද්ගලික සමාගමේ සාමාන්‍යාධීකාරී ප්‍රසන්ස රොද්‍රිගෝ, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.