.webp)
ඔහු සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් හෝ එවැනි අවලංගු කිරීමක් සිදු කිරීමට නොහැකි බවයි.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරිමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කළ විමසීමකදී සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.
පළාත් පාලන විෂයභාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයිය උපදේශක කාරක සභාවේදී එම යෝජනාව ඉදිරිපත් වූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ ය.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අදාල යෝජනාව ඉදිරිපත් කළ බවයි.
ඒ මොහොතේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගි වී සිටි පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන් ඊට සිය එකඟතාව පල කර ඇතැයි සඳහන් ය.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණත් දිගින් දිගටම මැතිවරණය කල් යාම තුළ පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතුවලට දැඩි බලපැමක් එල්ල වන බවයි.
මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි මෙහිදි ඉල්ලීම් ඉදිරිපත් වි ඇතැයි සඳහන් ය.
කෙසේ වෙතත් පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව මෙතෙක් කිසිදු අවසන් තිරණයක් ගෙන නොමැති බවයි.
එය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.