වැසි තත්ත්වයේ වැඩි වීමක්..

දිවයිනේ නිරිත දිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 11-06-2023 | 1:54 PM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකිවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ,අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.